කොරෝනා රෝගියෙකු වීඩියෝ කරන්න ගිහින් ගැටුමක්...ආරක්ෂක නිලධාරීන් 02ක් රෝහල් ගත කෙරේ.

Corona Sri Lanka corona-conflict Puththalama hospital
By Aruna Sep 06, 2021 06:36 AM GMT
Aruna

Aruna

Report

පුත්තලම මූලික රෝහලේ කොරෝනා පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, නොරොච්චෝල තාප බලාගාරයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව යි.

ඔවුන් ඊයේ කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී සිය ජංගම දුරකතනයෙන් රෝගියෙකුගේ වීඩියෝවක් පටිගත කිරීමට උත්සහ කර ඇති අතර, එහි දී රෝහලේ ආරක්ෂක නිලධාරීන් විසින් ඊට බාධා කිරීමත් සමඟ දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

ඉන් රෝහලේ ආරක්ෂක රාජකාරීවල නිරත වෙමින් සිටි නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව යි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කාන්තාවක් විසින් දැලි පිහියකින් කළ පහරදීමක් සිදුකර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතා මේ වන විට දැරණියගල රෝහලට ඇතුලත්කර ඇත.

පොලීසිය පැවසුවේ දැරණියගල ප්‍රදේශයේ වෙළෙදසලක් අසලදී එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන් ගත් රථය වෙළද සැල අසල නතරකළ අවස්ථාවේදී එම ස්ථානයට ඔහුගේ සමීපතම ආධාරකාරියක් වන එම කාන්තාව පැමිණ තිබේ.

කතාබහ අතරතුර එම කාන්තාව සභාපතිවරයාට දැලි පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා ඇත.

එය වැළැක්වීමට සභාපතිවරයා උත්සාහ ගත්තද, ඔහුගේ නාසය දැලි පිහියෙන් කැපී තුවාල සිදුවූ බව පොලීසිය පැවසීය.

ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සීතාවක කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha