පාසල් පෙළපොත් ගැන අලුත්ම ආරංචියක් - කෘත්‍රිම බුද්ධි AI තාක්ෂණයත් පාසලේ භාවිතයට

Report

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් පෙළපොත් ප්‍රසම්පාදනය, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය වඩාත් විධිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව තාක්ෂණික ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇති බවයි.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2021 - 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තුවේදී පසුගියදා (25) රැස්වූ අවස්ථාවේදීයි.

පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් හා සීලමාතාවන් සඳහා රජයෙන් පාවහන් - රු.3000 වටිනා වවුචර් රජයෙන් දෙන දිනය මෙන්න

පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් හා සීලමාතාවන් සඳහා රජයෙන් පාවහන් - රු.3000 වටිනා වවුචර් රජයෙන් දෙන දිනය මෙන්න

මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නොපැමිණීම හේතුවෙන්, ස්ථාවර නියෝග අනුව එදින වැඩකටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

2002 වර්ෂයේ පාසල් පෙළපොත් මුද්‍රණයට අදාළව රුපියල් මිලියන 212කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, අදාළ මුද්‍රණ ආයතනය සහ එහි අධ්‍යක්ෂවරුන් සොයා ගැනීමට නොහැකි වී ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත.

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින්ද විමර්ශන ක්‍රියාත්මක කරන බවත්, එයට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇත.

එසේම 2006 වර්ෂයේදී පෙළපොත් නියමිත කාලයට සැපයීමට අපොහොසත් වූ මුද්‍රණ ආයතනයක් සම්බන්ධයෙන් වන්දි මුදල් අය කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.

තව ද, පෙළපොත් අවශ්‍යතාව නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් අතිරික්ත පොත් තොග රැස් වීම සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙවැනි ගැටලු නැවත ඇති වීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව තාක්ෂණික හා පරිපාලනමය ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දී ඇත.

ඒ අනුව, 2024 වර්ෂයේ සිට සියලු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් පිළිබඳ තොරතුරු සෘජුව ලබා ගැනීම සඳහා නව පරිගණක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, පෙළපොත් ප්‍රසම්පාදනය, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය සඳහා ස්වයංක්‍රීය ඩිජිටල් පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව, පොත් අලෙවිසල් ජාලගත කිරීම, පරිශීලක නාම හා මුරපද මගින් ආරක්ෂිත ප්‍රවේශ පද්ධති හඳුන්වා දීම, ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විධිමත් පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම ඊ-තක්සලාව කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවද මෙහිදී සඳහන් වී ඇත.

මෙම පියවර මගින් පවතින දෝෂ හා මූල්‍ය අක්‍රමිකතා අවම කරමින්, පෙළපොත් මුද්‍රණය හා බෙදාහැරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරයි.

පාසල් පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ඩිජිටල් තාක්ෂණය by ashfa