හයිද්‍රාබාද් හෝටලයේ තරුණියගේ මරණය ගැන ඉන්දීය පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹයි

Report

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ හෝටලයක නවාතැන් ගෙන සිටි 26 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට පොලිසිය පවසයි.

මියගිය කාන්තාව රේණුකා නමැති අල්වාල් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය විවාහක සහ එක් දරුවෙකුගේ මවක් බවත්, හයිද්‍රාබාද් නගරයේ අවන්හලක සහ පබ් ආයතනයක සේවය කරමින් සිටි බවත් පොලිසිය සඳහන් කළේය.

විමර්ශනවලට අනුව ඇය බදාදා අලුයම හයිද්‍රාබාද්හි ලංගර් හවුස් ප්‍රදේශයේ හෝටලයකට පුද්ගලයෙකු සමඟ පැමිණ නවාතැන් ගෙන තිබේ.

එම පුද්ගලයා බ්‍රහස්පතින්දා රාත්‍රියේ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, කාන්තාව හෝටල් කාමරයේ රැඳී සිට ඇත.

හෝටල් වාර්තාවලට අනුව ඇය රාත්‍රී ආහාර ඇණවුම් කර ඇති අතර, පසුව මිතුරෙකු සමඟ වීඩියෝ ඇමතුමක නිරතව සිටියදී මියගොස් ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් කාර්ය මණ්ඩලය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව නිලධාරීන් ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදුකර දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති අතර, හෝටලයේ CCTV දර්ශන, කාන්තාවගේ ජංගම දුරකථනය සහ ඇය සමඟ හෝටලයට පැමිණි පුද්ගලයාගෙන් ප්‍රකාශ ලබා ගනිමින් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක වාර්තා ලැබීමෙන් අනතුරුව මරණයට හේතුව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙන බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   

නිව්යෝර්ක් නුවර කැළඹූ දරුණු සිදුවීම- UN මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගනී

නිව්යෝර්ක් නුවර කැළඹූ දරුණු සිදුවීම- UN මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගනී

පාකිස්තානයේ අධිවේගී මාර්ගයක දරුණුතම බස් අනතුරක් - 40ක් එතනම ජීවිතක්ෂයට

පාකිස්තානයේ අධිවේගී මාර්ගයක දරුණුතම බස් අනතුරක් - 40ක් එතනම ජීවිතක්ෂයට