සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනතාවට පණිවිඩයක් - පැය 24කින් ඩෙංගු රෝගය ඉහළටම - ඉදිරි දවස් තුනේ විශේෂ වැඩසටහනක්
ගතවූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1,217 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 55,409 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
මුළු රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52.5 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ. මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් ඇති බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
මේ අතර, හෙට සිට දිවයින පුරා තවත් දින තුනක මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.