දුම්රිය පීලි නැතුව මහ පාරෙන් දිවූ ලංකාවේ පළමු කෝච්චි එන්ජිම මෙන්න

Report

දුම්රිය මාර්ග භාවිතා නොකර මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය එන්ජිමක් ප්‍රවාහනය කිරීමත් සමග අද්විතීය මෙහෙයුමක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගෙන ඇත එහි පළමු පියවර ලෙස එම පළමු දුම්රිය එන්ජිම අද(3) උදෑසන නුවරින් ප්‍රවාහනය කිරීම සිදු කරන ලදි

ඒ ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමිනි.

ඒ අනුව, මහනුවර සිට පේරාදෙණිය දක්වා අධිවේගී මාර්ගය හරහා ප්‍රවාහනය සඳහා අංක 781 දරන M5 පන්තියේ දුම්රිය එන්ජිම සූදානම් වෙමින් පවතින අතර, එය මෙරට ඉතිහාසයේ දුම්රිය මාර්ග භාවිතා නොකර දුම්රිය එන්ජිමක් ක්‍රියා කරවන පළමු මෙහෙයුම වේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කඩුගන්නාව සහ ගම්පොල අතර උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතින බැවිනුයි දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

 පේරාදෙණිය කළු පාලම (යකා පාලම) නඩත්තු කටයුතු සිදු වන හෙයින් දුම්රිය එන්ජිම ද මහාමාර්ග පාලමක් හරහා මහවැලි ගඟ හරහා ප්‍රවාහනය කරනු ලබයි.

මෙම ක්‍රියාවලියේ තවත් පළමු අවස්ථාවක් සනිටුහන් කරමින් මෙහෙයුම කෙටි කාලයක් තුළ අවසන් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවවේ අපේක්ෂාව වේ.

තනිකමට තිත - තාක්ෂණ ලෝකය හොල්ලමින් චීනයෙන් සුපිරි වැඩක්

තනිකමට තිත - තාක්ෂණ ලෝකය හොල්ලමින් චීනයෙන් සුපිරි වැඩක්