ඉන්ධන පිරවුම්හල් ගැටළු පිළිබඳව අමාත්‍යවරුන් අතර සාකච්ඡා - ඉන්ධන පිරවුම්හල් සඳහ ණයට ඉන්ධන නිකුත් කිරීමක්?
සමූපකාරවලට අයත් ඉන්ධන පිරවුම්හලවලට අදාළව පවතින විවිධ ගැටලු විසදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශයේදී සිදුවිය. ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ සමූපකාර සමිති සභාපතිවරු සමගින් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර මෙහිදී සමූපකාර ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන වට්ටම්, ණය පදනම මත ඉන්ධන නිකුත් කිරීම, ඉන්ධන පිරවුම්හල් අයත් ඉඩම් හිමිකාරීත්වය පිළිබඳව ඇති ගැටලු මෙන්ම ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.
මෙම සාකච්ඡාව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය ආමාත්‍ය උපාලි සමරසිංහ මහතා, ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා, ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාර මහතා මෙන්ම බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, සමූකාර සමිති සභාපතිවරු, සාමාන්‍යාධිකාරීවරු ඇතුළු පිරිසක් සහභාගී විය.