උපාධිධාරින්ව වසර තුනක සිට රාජ්‍ය සේවයට බඳවාගෙන නෑ - උපාධිධාරීන්ගේ රැකියා විරහිතව බවට පිළිතුරක් අන්තරේ ආණ්ඩුවෙන් ඉල්ලයි

Report

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (03) දින මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී අන්තරේ කැදවුම්කරු වන මදුශාන් චන්ද්‍රජිත් පවසා සිටියේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් මේ වනවිට බරපතල ප්‍රශ්ණ වලට මුහුණ දී සිටින බවයි.

ඔහු පවසා සිටියේ,

"අධ්‍යාපනවේදී උපාධිධාරීන් අද වෙනකොට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. අධ්‍යාපන වේදි උපාධිය පාඨමාලා අවසන් කළ සිසුන් වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට බඳවාගෙන නැහැ.ලංකාවේ ගුරුවරයෙක් වීම සඳහා යෝජිත උපාධිය තමයි අධ්‍යාපනවේදී උපාධිය. පහුගිය කාලසීමාවේදී මේ උපාධිය සම්පූර්ණ කරපු ගුරු පුහුණුවත් සම්පූර්ණ කරපු මොවුන්ව රාජ්‍ය සේවයක් බඳවා ගත්තා නැවත විභාගයකින් තොරව.දැන් වසර දේකට ආසන්න කාලයක සිට මෙම උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ.දැන් ඔවුන්ට මහ පාරේ සටන් කරන්න වෙලා තියෙනවා.ඔවුන් කල කිසිම සාකච්ඡාවකින් කිසිම ප්‍රයෝජනයක් වුණේ නෑ.ආණ්ඩුව දැන් සෙල්ලමක් කරනවා. සාකච්ඡාවකින් පසු අගමැතිනි හරිනි අමරසූරිය කියනවා අපිට ඔවුන්ගේ ගැටලුව තේරුණා මේක අපි විසඳනවා කියලා.පසුගිය කාලෙ අභ්‍යන්තර සාකච්ඡාවක් වෙලා තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තහවුරු කරලා කියලා තියෙනවා ඔවුන්ට තරග විභාගයක් අවශ්‍යයිි කියලා බඳවා ගැනීම් වලට.දැන් මේ අධ්‍යාපනවේදී උපාධිය මුදලට විකුණන තත්ත්වයක්  නිර්මාණය වෙලා තිබෙනවා. කිසිම  ගුණාත්මකභාවයකින් තොරව තමයි මේ උපාධිය  සම්පූර්ණ කරන්නේ. බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා නිදහස් අධ්‍යාපනය අද කොයි බටද යන්නේ කියලා. මේ වෙනකොට ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  වලට සැරසෙනවා. ඒ සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ දිගින් දිගටම සිදු කරනවා."

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

මෙහිදී අදහස් දැක්වූ මැදිරිගිරිය  කුසල ධර්ම ස්වාමීන් වහන්සේ පවසා සිටියේ,

"මේ උපාධිධාරින් වසර තුනක සිට රාජ්‍ය සේවයට බඳවාගෙන නෑ ඔවුන් නිවෙස් තුළට වී  රැකියා විරහිතව සිටිනවා. මහජන මුදල් යොදවා  උපාධිය සම්පූර්ණ කළ මෙම පිරිස්  බදවා නොගන්නේ පාසල් වසා දැමීමේ යටි අරමුණකින්ද ? නිදහස් අධ්‍යාපනය ස්වභාවික මරණයකට ලං කරමින් සිටින මෙම ආණ්ඩුව විශ්වවිද්‍යාල වල උත්සවවලට යන්නේ රෙදි ඇඳගෙනද? ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ට දැන් ඔවුන් හිටිය තත්ත්වය අමතක වෙලාද? අධ්‍යාපනය වෙළෙඳපොළට විකිණීමේ ක්‍රමය තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපනය විකිණීමේ ක්‍රමයට අතගසා තිබෙනවා. ලංකාවේ   සියයට අඩු ළමුන් සිටින පාසල් වසා දැමීම ව්‍යාපෘතිය දැන් පටන් අරගෙන තිබෙනවා. "

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්