කුච්චවේලි ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ගොස් ඇති වූ මත ගැටුමේ ඇත්ත කතාව මෙන්න. (VIDEO)

Sri Lanka
By Wayomi Apr 06, 2023 12:42 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය 01 වැනිදා ත්‍රිකුණාමලය - කුචවේලි කොට්ඨාශයට අයත් පොන්මලෙයි කුඩා ප්‍රදේශයේ ඉඩමක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියන් ඇතුළු ආරක්ෂකයින් උත්සාහ කිරීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව අතර මත ගැටුමක් ඇති වුණා.

සතියක කාලයක සිට මෙම තත්ත්වය පවතින අතර එම ප්‍රදේශයේ වැඩි පිරිසක් මුස්ලිම් ජනතාව වාසය කරන අතර සිංහල සහ දමිළ ජනතාව සුළු වශයෙන්ද වාසය කරන ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශය අවට තවත් පන්සල් සහ ආරණ්‍යසේනාසන කිහිපයක් පැවතියත් අදාළ ඉඩම සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටළුක් පැන නැගී ඇති බවයි සිංහපුර විහාරයේ විහාරාධිපති ලස්සනගම සුබෝධානන්ද හිමි සහ උතුරු නැගෙනහිර පළාතේ සංඝනායක ලෙස කටයුතු කරන කන්දේගෙදර සුදම්ම හිමි ප්‍රකාශ කළේ.

එහිදී උන්වහන්සේලා අවධාරණය කළේ, මෙම ප්‍රදේශවල වැඩි වශයෙන් මුස්ලිම් ජනතවා වාසය කරනකළද, මෙතෙක් කාලයක් කිසිදු ජාති ආගම භේද නොමැතිව සමගියෙන් වාසය කරන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය තොරතුරු සොයාබැලීමකට සඳහා ගගන මාධ්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශය සංචාරයක නිරත වුණා.

එහිදී අප සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ, වෙරළ තීරය ආසන්නයේම පිහිටා ඇති අදාල ඉඩම රජය විසින් පූජා භූමියක් ලෙස ගැසට් කර ඇති බවයි.

එසේ නම් එම ඉඩම ආගම භේදයකින් තොරව සැමට එක සේ අයිතිවාසිකම් කිව හැකි වුව ද, මෙම ගැටලුව සම්බන්ධව සාධාරණය විසඳුම ලබාදීමට නම්, රාජ්‍ය නිලධාරිනේගේ සහ බලධරයන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුමය.

 මෙම ගැටළුව සම්බන්ධ සම්පූර්ණ විස්තර පහත වීඩියෝවෙන්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW