රාජ්‍ය සේවකයින් පිරිසක් සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි..
Sri Lanka
Strike Sri Lanka
By krishani
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට කුරුණෑගල ප්‍රදේශයේ දී පහරදීමට විරෝධය පළ කරමින් ලබන සඳුදා දිවයින පුරා සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.
තම සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වන බව එහි සභාපති කෝසල රංගනාත් පවසා සිටියේ ය.
පසුගිය මැයි 04 වන දා නාරම්මල ප්‍රදේශයේ සත්ව ගොවිපලක බිත්තර තොග සඟවාගෙන ඇති බවට ලද තොරතුරක් මත එය පරීක්ෂාවට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුකර තිබුණේ ය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ගොවිපලේ හිමිකරු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |