නව ජනාධිපති, අනුර කුමාරට ඇමෙරිකාවෙන් උණුසුම් සුබ පැතුම්... නව ජනාධිපතිත් ඒකට ප්‍රතිචාර දැක් වූවේ මෙහෙමයි.. (PHOTOS)

Report

මෙරට 09වන ජනපති ලෙස ජනාධිපතිවරණයෙන් ජයගෙන තේරී පත්වූ අනුර කුමාර දිසානායකට සුබ පතමින් අමෙරිකානු තානාපතිනී ජුලී චංග් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ගාල්ල, පුත්තලම, අනුරාධපුරය දිස්ත්‍රික්ක දෙවෙනි මනාප ප්‍රථිපල මෙන්න ...

ගාල්ල, පුත්තලම, අනුරාධපුරය දිස්ත්‍රික්ක දෙවෙනි මනාප ප්‍රථිපල මෙන්න ...

එමෙන් ම, එම පණිවිඩියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාමකාමීව ක්‍රියාත්මක කිරීම ගැන අපි ශ්‍රී ලාංකික ජනතාවට සුබ පතන බවද සඳහන් ය.

එපමණක් නොව, ශක්තිමත් එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අගය කරන බවත් හවුල් ප්‍රමුඛතා මත එකට වැඩ කිරීමට සූදානම්ව සිටින බවත් අමෙරිකානු තානාපතිනී ජුලී චංග් නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.

එම පණිවිඩය පහතින්,

නව ජනාධිපති, අනුර කුමාරට ඇමෙරිකාවෙන් උණුසුම් සුබ පැතුම්... නව ජනාධිපතිත් ඒකට ප්‍රතිචාර දැක් වූවේ මෙහෙමයි.. (PHOTOS) | Congratulations From America To Anura Kumara

කෙසේ වෙතත්, එම එක් කළ සුබ පැතීමට ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිචාර දැක් වූවේ මෙලෙසිනී,

උපුටා ගැනීම..

"මම ජනාධිපති ලෙස තේරී පත්වීම පිළිබඳව ඔබගේ උණුසුම් සුබපැතුම් පිරිනැමීම ගැන @USAmbSL ස්තූතියි.

ශ්‍රී ලංකාව සඳහා දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට මම කැපවී සිටින අතර, අපගේ රටවල් අතර ශක්තිමත් සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එක්ව, අපගේ ජනතාවට ප්‍රයෝජනවත් වන පොදු අරමුණු කරා වැඩ කළ හැකිය."



Gallery