රජයේ කොන්ඩම් ඇඩ් එකකින් සජිත්ට මඩක්? බුකිය කැළඹෙයි[PHOTO]
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිය සමාජ ජාල ගිණුමේ ප්‍රසිද්ධ කර තිබූ ප්‍රචාරක දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ ජාලවල උණුසුම් කතා බහක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව උපත් පාලන කොපු භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නිකුත් කර තිබූ අඳාළ දැන්වීමේ පාලමක් වෙනුවට පටු ලෑල්ලක් භාවිතා කරමින් තරණය කිරීමට උත්සාහ කරන මිනිසෙකුගේ නිදර්ශනයක් ග්රැෆික් මඟින් දක්වා ඇත.
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කියා සිටියේ අඳාළ නිරූපණය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සමාන බවයි.
අඳාළ දැන්වීමේ ඒදණ්ඩක් මතින් ඇවිද යන පුද්ගලයෙකු සහ ඒ අසල ඇති පාලමක් ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ද කලකට පෙර මේ ආකාරයේම හැසිරීමකින් ඒ දණ්ඩකින් එතෙර වූ බව දැක්වෙන ඡායාරූපයක් මේ සමඟ හුවමාරුවෙමින් පවතියි.
එම සංසන්දය සමඟ අඳාළ දැන්වීමට බොහෝ විවේචන එල්ල විය. කෙසේ වුවද එල්ල වූ විවේචනවලින් අනතුරුව අඳාළ දැන්වීම එම සමාජ ජාල ගිණුමෙන් ඉවත් කිරීමටද කටයුතු කර ඇති බව වාර්තා වේ.
එහෙත් එම දැන්වීම ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.