පරිගණක මෘදුකාංග ඉංජිනේරුවා කරපු මගෝඩි රැසක් මාට්ටු. නාරහෙන්පිටදී පොලිසියට කොටුවෙයි.

By Wayomi Nov 17, 2022 09:03 AM GMT
Wayomi

Wayomi

Report

ඇමරිකාවේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හිමි තරුණයෙකු නාරහෙන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,ඔහු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධ බව අනාවරණය කරගැනීමත් සමඟයි.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්කුඩු ගෑම් 7 මිලිගෑම් 800 ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6 සිදුකර රුපියල් කෝටියක පමණ දේපල කොල්ලකා ඇති සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හා රන්මාල කීපයක් පොලිසිය සොයාගනු ලැබුවා.

එමෙන්ම මහ මග නවතා තිබෙන යතුරුපැදි සොරා ගෙන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් මහමග තනිවම යන කාන්තාවන් ඉලක්ක කරගෙන ඔවුන් සතුව තිබෙන අත්බෑග් කොල්ලකෑම මෙම සැකකරු කාලයක සිට සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු එම අත් බෑග් වල තිබෙන මුදල් වලට අමතරව ජංගම දුරකථන සහ රන්භාණ්ඩ මෙන්ම ඒ ටී එම් කාඩ්පත් ලබා ගෙන ඔහු ලබා තිබෙන පරිගණක දැනුමද උපයෝගී කරගෙන එහි මුදල් ද ලබා ගෙන තිබෙනවා.

නාරාහෙන්පිට, වැල්ලම්පිටිය මහරගම, ,කොහුවල මිරිහාන ,පිලියන්දල හා මාලබේ , වැලිකඩ ආදී පොලිස් වසම් වලදී කොල්ලකෑම් සහ යතුරුපැදි සොරා ගැනීම් සිදුකර ඇති බවත් පොලිසිය පවසනවා.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW