අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි කියන්න දුරකථන අංකයක්

Report

රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි හා දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් හඳුන්වා දුන් මෙම අංකය, විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා, වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීමට භාවිත කළ හැක.

(අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශිත සේවා) හදිසි අවස්ථා හෝ සේවා බිඳ වැටීම්වලදී, මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීම, වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ කාර්යක්ෂම විසඳුමක් සහතික කිරීමේ අරමුණින් මෙම ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇත.

මේ ජලාශ තවදුරටත් වාන් දමයි - ජනතාවට නිවේදනයක්

මේ ජලාශ තවදුරටත් වාන් දමයි - ජනතාවට නිවේදනයක්

1904 වෙත ලැබෙන සියලුම ඇමතුම් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් භාරගනු ලබන අතර, පැමිණිලි පරීක්ෂා කර, ප්‍රමුඛතාවය ලබා දී, කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශවල ක්‍රියාත්මක කණ්ඩායම් වෙත යොමු කෙරේ.

කඩිනම් විසඳුම් සහතික කිරීම සඳහා, මෙම ක්ෂණික ඇමතුම් අංකය වගකීමෙන් භාවිතා කරන ලෙස, නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත්, සියලුම පුරවැසියන්ගෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටී.

ගෙදරටම ඇවිත් වෙඩි තිබ්බ දෙහිවල වෙඩිල්ලට හේතුව හෙළි වේ - මෙන්න විස්තරය

ගෙදරටම ඇවිත් වෙඩි තිබ්බ දෙහිවල වෙඩිල්ලට හේතුව හෙළි වේ - මෙන්න විස්තරය