පළමු තරගෙන්ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Report

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (22) දින පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් වශයෙන් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ඇත.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 272ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 252ක් පමණක් විය.

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්

එසේම එංගලන්ත ඉනිම ඔසවා තැබූ බෙන් ඩකට් (62) හා ජෝ රූට් (61) අර්ධ ශතක රැස් කිරීමට සමත් විය.

එමෙන්ම අවසන් පන්දුවාර කිහිපයේ දී එංගලන්තයට බලාපොරොත්තුවක් රැගෙන ආ ජෙමී ඔවර්ටන් පන්දු 17කින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ (2/39), දුනිත් වෙල්ලාලගේ (2/41) හා ප්‍රමෝද් මධුෂාන් (3/39) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්විය.

බංග්ලාදේශයෙනුත් ICC ට තද තීරණයක් - ICCට ලොකු පාඩුවක්

බංග්ලාදේශයෙනුත් ICC ට තද තීරණයක් - ICCට ලොකු පාඩුවක්

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව