හඳුනා නොගත් මරණ දෙකක් ගැන පොලීසියෙන් දැනුම් දෙයි
සීදූව තැම්පල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියකින් විදුලි සැර වැදී ඇද වැටීමෙන් මියගොස් ඇති අඳාළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව ද පොලීසිය වාර්තා කරයි.
ඒ අනුව මියගිය පුද්ගලයාගේ මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
එමෙන්ම ගල්නෑව නගරයේ බස්නැවතුම්පළක රැදී සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ගල්නෑව රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු ද මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම පුද්ගලයාගේ ද අනන්‍යතාව තහවුරු වී නොමැති අතර මළ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.