ලංකාවට සැර පහරක් - තුර්කි තානාපති ලංකාව ගැන කිව්ව නරකම කතාව
ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ආයෝජනවලට සුදුසු පරිසරයක් නොවන බවත් මෙරට ආයෝජන සිදු කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් බවත් තුර්කි තානාපතිවරයා ඉකුත් දා පවසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවට මුහුණු දීමට සිදුව ඇති තවත් විශාල ගැටලුවක් වී ඇත්තේ මෙරට පුහුණු ශ්‍රමිකයන් රට හැරදා විශාල ලෙස විදේශගත වීම බවද ඔහු සඳහන් කර ඇත.
එනිසා නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට ශ්‍රම බළකා ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ඔහු අනාවැකි පළ කර ඇත.
ඒ අනුව මෙරට ආයෝජන පරිසරය පිළිබඳව කතා කිරීමේදී කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ කුඩා වෙළෙඳපොළක් බවත් මෙරට පරිපාලන පද්ධතිය ඉතාමත් සංකීර්ණ එකක් බවත් තුර්කි තානාපතිවරයා කියා ඇත. තවද මෙරට ආයෝජන සඳහා අනුමැතිය ලබා ගැනීමට කාලය ගතවන බවත් එය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ටර්ගුට් මහතා පවසා ඇත.
එමෙන්ම මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සේවය කරන බවත් එම කලාපයේ යම් නොසන්සුන්තාවයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවට එය සෘජුව බලපාන බවත් මෙරට තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා ඉකුත් දා පැවසුවා.
ඒ හේතුවෙන් සියලුම මැද පෙරදිග කලාපයේ රටවල් සමඟ එක හා සමානව සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව උත්සාහ දරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
තවද ශ්‍රී ලංකාව මෙන්ම තුර්කියද යැපෙන්නේ පිටතින් ලබා ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන මත බවත් ලබා ගන්නා පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලෙහි යම් වෙනසක් වුවහොත් ඉන් දෙරටේ ආර්ථිකයන්ට විශාල බලපෑමක් එල්ල වනු ඇති බවත් ඔහු පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට ස්වභාවික වායු සහ ඛනිජ තෙල් නොමැති බවද තානාපතිවරයා පෙන්වා දුන් අතර එනිසා පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ ස්වභාවික වායු මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට වෙළෙඳපොළ විවිධාංගිකරණය කිරීමට සිදුව ඇති බවත් මිල උච්චාවචනයන්ට ශ්‍රී ලංකාව මෙන්ම තුර්කියද ඉතාමත් සංවේදී බවත් ටර්ගුට් මහතා පැවසූ බව සඳහන්.
ඊට අමතරව චීනය, පැමිණ ශ්‍රී ලංකාවට අත්සන් කළ වෙළෙඳ ගිවිසුමට වඩා වඩාත් හොඳ දීර්ඝකාලීන ගිවිසුමක් අත්සන් කරනු ඇති බවත් එවිට ශ්‍රී ලංකාවට තොග වෙළෙඳපොළෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇති බවත් ටර්ගුට් මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ගිවිසුම් මාර්ගයෙන් ඛනිජ තෙල් මිලදී ගන්නේ ස්ථාවර මිලකට බවත් මිල උච්චාවචනයෙන් ගිවිසුම්ගත මිලට බලපෑමක් එල්ල වන බවත් ඔහු සඳහන් කරයි.
එහෙත් වෙළෙඳපොළ මිලට ඛනිජ තෙල් මිලදී ගන්නා විට මිල උච්චාවචනයෙන් බලපෑමක් එල්ල වන බවද ඔහු ප්‍රකාශ කළා.