චන්දිමාල්ගේ රාජකීය අවුරුදු උත්සවය CIDයෙන් කෙළවර වෙයිද? ඇවිලුණු ප්‍රශ්ණය [VIDEO]
සිංහල සංස්කෘතියට සහ හෙළ උරුමයන්ට දැඩි ලෙස නිගා දෙන අන්දමේ අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ජ්‍යෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව සහ සිංහල ආරක්ෂක සන්ධානය යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් විසින් 'රාජකීය සිංහල අලුත් අවුරුදු උත්සවය' යන නාමයෙන් පැවැත්වූ මෙම සැමරුම සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ ජාතික සංවිධායක රවිශංක සේනානායක මෙන්ම සිංහල ආරක්ෂක සන්ධානයේ සභාපති සූරිය සිද්ධ රත්නායක යන මහත්වරුන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් එක්ව ඇත. සදාචාර විරෝධී ක්‍රීඩා, ජාතික ක්‍රීඩා ලෙස හුවා දැක්වීම හරහා සිංහල සංස්කෘතියට බරපතළ හානියක් සිදු කර ඇති බව ඔවුන් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
මෙවැනි අශෝභන ක්‍රියාකාරකම් ජාතික ක්‍රීඩා ලෙස ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්නා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ පැමිණිල්ල මගින් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානය සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රඥප්තීන්ට අනුව ද මෙය අතිශය බරපතළ වරදක් බව ජ්‍යෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ ජාතික සංවිධායක රවිශංක සේනානායක මහතා අවධාරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
අදාළ කරුණ පිලිබදව විමසා බැලීම සදහා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔහුව සම්බන්ධ කරගැනීමට අපහසු විය.