ප්‍රමිතියෙන් තොර ටින් මාලු නිෂ්පාදනය කළ සමාගම් 5කට නඩුදැමීම අතහැරලා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රමිතියෙන් තොර එම ටින් මාලු නිෂ්පාදනය කළ සමාගම් පහකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ( නඩු පැවරීම) ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වර්තාවක දැක්වෙනවා.
ඒ, අදාල ටින් මාළු තොගයක් ප්‍රමිතියෙන් තොර බවට නියැදි පරීක්ෂණයකින් තහවුරුවී තිබියදීත්ය.
එලෙස අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ( 2021 වර්ෂයේදී) ප්‍රමිතියෙන් තොර ටින් මාළු අලෙවි කළ වෙළෙඳසල් හිමියන් පිරිසකට පමණක් බවද වාර්තාවේ සඳහන්.
ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, යම් භාණ්ඩයක් ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල නොවන සහ ප්‍රයෝජනයකට ගත නොහැකි හෝ පරිභෝජනය සඳහා නුසුදුසු තත්වයකට පත්වී ඇති බව හෙළිදරව් වන අවස්ථාවක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 61(3) ආ වගන්තිය පරිදි එම තොග අවස්ථාවෝචිත පරිදි තහනමට ගෙන නීතිමය පියවර ගත යුතු බවයි.
මේ අතර සේදුම් දියර වර්ගවල අන්තර්ගත ඇල්කොහොල් ප්‍රතිශතය පිළිබඳව 2021 වර්ෂයේදී කරන ලද වෙළෙඳපොළ අධ්‍යයන දෙකක් සම්බන්ධ තොරතුරු පාරිභෝගිකයාට ලබාදීම අධිකාරය පැහැර හැර තිබුණු බවද එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම අධිකාරියේ මහජන පැමිණිලි දුරකථන සේවාව( 1977) සඳහා 2021 වර්ෂයේදී ලැබී තිබූ පැමිණිලි 8056කින් පැමිණිලි 2646 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බව එම කාර්යාලය පවසනවා.
එසේම වැටලීම් කර තිබුණේද පැමිණිලි 816 ක් සම්බන්ධයෙන් පමණක් බව එම වාර්තාව අනාවරණය කර තිබෙනවා.
ක්ෂණික ඇමතුම් සේවාවට ලැබුණු පැමිණිලිවලින් දිස්ත්‍රික්ක හතක පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය සියයට 15ත් සියයට 53ත් අතරවූ බවද එහි දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |