Colombo Tea Tasters Excellence සිංහ සමාජයෙන් තවත් පුණ්‍ය ක්‍රියාවක්. (PHOTOS)

Sri Lanka
By Wayomi Mar 24, 2023 11:42 AM GMT
Wayomi

Wayomi

Report

 Colombo Tea Tasters Excellence සිංහ සමාජය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ රත්නපුර ග්‍රාම නිළධාරී සංසදය එක්ව සංවිධාන කරන ලේ දන් දීමේ වැඩසටහන මාර්තු 15 වෙනි බදාදා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ඒ, දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නෙ, ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඉලුක්කුඹුර, ග්‍රාම නිලධාරී සංසදයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහ වෛද්‍ය කණ්ඩායම් සහභාගීත්වයෙන්.

එමෙන්ම කාර්යමණ්ඩලය රත්නපුර ප්‍රදේශවාසීන් සහ බොහෝ පිරිසක් මේ සදහා තම දායකත්වය ලබා දී තිබුණා.

මෙම වැඩසටහන අවසානයේදී රුධිරය පරිත්‍යාග කළ සියලුම දෙනාට අඹ පැලය බැගින් ලබා දීමට Colombo Tea Tasters Excellence සිංහ සමාජය කටයුතු කළා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


GalleryGalleryGalleryGalleryGalleryGallery