නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..
Vijitha Herath
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
National People's Power - NPP
By krishani
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වේ.
අද (06) දින එම ඩිජිටල් පහසුකම ආරම්භ විය.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ය.
තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ඒ අනුව මින් ඉදිරියට ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමාදයකින් තොරව එම පහසුකම ලබාගත හැකිය.
මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති බව සදහන් වේ.
මෙයට අදාළ වෙබ් අඩවිය අද (06) දිනයේ අමාත්‍ය විජිත හේරත් මහතා අතින් විවෘත විය.
You May Like This Video👇
.