ඉන්දියාව ලංකාව ගැන විශේෂ තීරණයකට ගිහින්.. තරුණ ඔබට මෙන්ම ක්‍රිකට් රසිකයින්ට මාර විදිහට සතුටු වෙන්න පුලුවන්..

Report

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි නොමැතිව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති හමුවක දී ය.

දිනේ ලබන 08 වෙනිදා.. මහ බැංකුව එදාට කරන්න යන දෙය ගැන කලින්ම කළ දැනුම්දීම මෙන්න..

දිනේ ලබන 08 වෙනිදා.. මහ බැංකුව එදාට කරන්න යන දෙය ගැන කලින්ම කළ දැනුම්දීම මෙන්න..

අගමැති හරිනි එකවරම රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් එක්ක මීටින් එකක් තියලා.. වුණේ මොකක් ද?.

අගමැති හරිනි එකවරම රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් එක්ක මීටින් එකක් තියලා.. වුණේ මොකක් ද?.

එහිදී, ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා පැවසීය.

එමෙන්ම, තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් කොමසාරිස්වරයා කියා සිටියේ ය.  

You May Like This Video👇 

.