TELL IGP සහ I -need සේවාව නව මුහුණුවරකින්.. පොලීසිය ගත් තීරණය එක්ක.. ජනතාවට ලැබෙන පහසුකම මෙන්න..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Jan 06, 2025 04:02 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා පොලීසිය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ TELL IGP (පොලිස්පතිට කියන්න) සහ I -need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීමටයි.

අද (06) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මූලස්ථානයේ දී එම සේවාවන් එලිදැක්විණ.

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

මෙම ව්‍යාපෘති, ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරයි.

TELL IGP (පොලිස්පතිට කියන්න) ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.

එමෙන්ම, TELL IGP සේවාව මගින් පොලිස්පතිවරයාගේ අවධානයට සෘජුවම යොමුකළ යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විමර්ශන සිදුනොවන පැමිණිලි සහ පොලිස් නිලධාරින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකිය.

ඒ පැය 24 පුරා ය.

තවද, I-need සේවාව මගින් වන්නේ ජංගම දුරකථනයක් අස්ථාන ගත වූ අවස්ථාවකදී පොලීසියට නොගොස් Online මාර්ගයෙන් එම දුරකථනයේ ගැන තොරතුරු ලබා දී පැමිණිල්ලක් කළ හැකිය.

කෙසේ වෙතත්, www.police.lk නිල වෙබ් අඩවියට ගොස් මෙම සේවාවන් E-Services ඔස්සේ TELL IGP හා l-need සේවාව වෙත පිවිසිය හැකිය.

එමෙන්ම, වැඩිදුරටත් පොලීසිය සදහන් කළේ පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව ඇති බවයි.

You May Like This Video👇 

.

ReeCha