මෙන්න තවත් තෙල් මිලක වෙනසක් රියදුරන්ට සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට අනුකූලව ලංකා IOC සමාගම ද තම ඉන්ධන මිල සංශෝධනය කර ඇත.
ඒ අනුව, රුපියල් 299 ක් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 294.00 කි. රුපියල් 313 ක් වූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 318.00 කි.
මේ අතර, රුපියල් 335 ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැත.
ඊට අමතරව, රුපියල් 277 ක් වූ සුදු ඩීසල් (ඔටෝ ඩීසල්) ලීටරයක මිල සංශෝධනය කර නොමැති බව වාර්තා වේ. රුපියල් 180 ක් වූ භූමිතෙල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැත.