මෙරට ප්‍රධානතම මාර්ගයක් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ..

By Sewvandhi Nov 10, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නායයාමේ අවදානම හේතුවෙන් නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

මේ අතර , දිවයිනේ පවතින තද වැසි තත්වයේ සාපේක්ෂ අඩුවීමක් බලාපොරොත්තු වන බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ශ්‍රී ලංකාව උතුරු දෙසින් උතුරු තමිල්නාඩු වෙරළට ලඟා වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. මේ අතර බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද අදාළ නිවේදනයේ සඳහන්.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එසේම දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ත් අතර තද සුළං හැකිවිය හැකි බවයි නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW