කොළඹ කැලඹූ සිවිල් පොලිස් ගැටුම. - (VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation
By Wayomi Feb 14, 2024 05:20 AM GMT
Wayomi

Wayomi

Report

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට පහර දුන් පුවතක් වාර්තා වුණා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී අලුත්කඩේ ලොකට් ලේන් වත්ත ප්‍රදේශයට ඊයේ (12) අලුයම ගොස් තිබෙනවා.

එහිදී තරුණයින් දෙදෙනෙකු එම නිලධාරීන්ට පහර ඇති අතර පසුව එම නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

කෙසේ වෙතත් අනතුරුව ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

නමුත් එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් චෝදනා කළේ, සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් 40කට ආසන්න පිරිසක් යතුරුපැදිවලින් සහ ත්‍රීරෝද රථවලින් ලොකට් ලේන් වත්තට පැමිණ තමන්ට පහරදී දේපොළවලටද හානි කළ බවයි.   


ReeCha