ප්‍රධාන මාර්ගයක් තවදුරටත් වැසෙයි - මේ මාර්ගයේ ගමන් කරනවා ද කියලා බලන්න.. රියදුරන්ට දැනුම්දීමක්..

Sri Lanka Weather
By krishani Nov 06, 2023 02:12 AM GMT
krishani

krishani

Report

නායයෑමක් හේතුවෙන් අවහිර වු කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග කොටස පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඊයේ (05) එම ප්‍රදේශයට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් පස්වරුවේ දී බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග කොටසට පස් කන්දක් කඩා වැටිණ.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු ඊයේ රාත්‍රී සිදුකිරිමට බාධා එල්ල විය.

ඒ හේතුවෙන් එම කටයුතු අද පෙරවරුවේ සිදුකිරිමට තීරණය කර ඇත.

ඒ අනුව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධීක්ෂණය යටතේ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත්, බත්ගොඩ ප්‍රදේශයේ අවදානම් තත්ත්වයේ පසුවන නිවාස 10ක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථානවලට යොමුකර තිබෙනවා.

ReeCha