කොළඹ - කොටුවේ වෘත්තීය සමිති විරෝධතාවයට අධිකරණ නියෝගයක් නිකුත් කරයි.

Colombo Sri Lanka SL Protest
By krishani Apr 04, 2023 05:55 AM GMT
krishani

krishani

Report

අද (04) කොළඹ - කොටුව දුම්රියපළ ඉදිරිපිට දහවල් වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ඒ එම ස්ථානයේ විරෝධතාවයේ නිරතවන පිරිසට, ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට ඇතුළු වීම තහනම් කරමින් ය.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති අතර කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ත්‍රස්ත පනත, රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ වෘත්තීය එකමුතුව විසින් මෙම විරෝධතාව සැලසුම් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join