කොලොම්බියාවේ ගුවන් යානයක් කඩා වැටිලා - අනතුරින් යානේ සිටි 15 දෙනාම මැරිලා
By Kaushi
උතුරු කොලොම්බියාවේ මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් එහි සිටි මගීන් 15දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය ගුවන් සේවය තහවුරු කර තිබෙනවා.
කොලොම්බියාවේ කුකුටා සහ ඔකානා නගර සභා අතර ගුවන් ගමනක් අතරතුර මෙසේ සැටෙනා ගුවන් සේවයට අයත් ගුවන් යානයක සන්නිවේදනය බිඳ වැටී ඇත.
එහි මගීන් 13 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සිටි බව තහවුරු වී ඇත.