ඔබේ මොළය රවටන කැෆේන් මැජික් එක.. කෝපි කෝප්පයකින් ඇඟටයි මොළයටයි වෙන දේ මෙන්න

Report

හරිම කම්මැලි උදේක ඇඳෙන් නැගිටගන්න බැරුව ඉන්නකොට හරි, ඉවරයක් නැති ඔෆිස් මීටින් එකක ඇස් පියවෙනකොට හරි අපිට මුලින්ම මතක් වෙන්නේ කෝපි එකක් නැත්නම් තේ එකක්නේ.   

කැෆේන් කියන්නේ කෝපි, තේ, energy drinks, chocolate සහ සමහර ඖෂධවල පවා අඩංගු ස්වභාවික උත්තේජකයක්. එය ප්‍රධාන වශයෙන්ම මොළය සහ මධ්‍යම ස්නායු පද්ධතියට බලපානවා.

ඔබේ මොළය රවටන කැෆේන් මැජික් එක.. කෝපි කෝප්පයකින් ඇඟටයි මොළයටයි වෙන දේ මෙන්න | Coffee S Hidden Effects On Your Brain

කැෆේන් මොළයට කරන බලපෑම්

අවදි බව වැඩි කරනවා

කැෆේන් මගින් “Adenosine” කියන නිදිමත ඇති කරන රසායනිකය අවහිර කරනවා.

ඒ නිසා: නිදිමත අඩුවෙනවා - අවධානය වැඩි වෙනවා - මතකය සහ ප්‍රතිචාර වේගය තාවකාලිකව ඉහළ යනවා

ඩොපමින් මට්ටම ඉහළ යාම

කැෆේන් මගින් “dopamine” වැනි සතුට සහ උද්යෝගය සම්බන්ධ රසායනික ක්‍රියාකාරීත්වයත් වැඩි කළ හැකියි. ඒ නිසා කෝපි බොන විට “fresh” වගේ දැනෙන්නෙ ඒකයි.

කැෆේන් අධික ප්‍රමාණයෙන් ගත්තොත්

කනස්සල්ල - ඇඟ කම්පනය - හෘදස්පන්දනය වේගවත් වීම - නිදාගැනීමේ අපහසුතා - උත්කණ්ඨාව වැනි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.

[

කැෆේන් ඇඟට කරන බලපෑම්

කැෆේන් adrenaline hormone එක වැඩි කරන නිසා, ශරීර ශක්තිය වැඩි වෙනවා - exercise performance ට උදව් වෙනවා - තාවකාලිකව තෙහෙට්ටුව අඩු වෙනවා

සමහර අයගේ ශරීරයේ කැලරි දහනය ටිකක් වැඩි කරන්නත් කැෆේන්ට පුළුවන්.

කැෆේන් සුළු diuretic effect එකක් තියෙන නිසා නිතර මුත්‍රා යාම වැඩි වෙන්න පුළුවන්.

කැෆේන් අධික වුණොත්?

නින්ද කඩාකප්පල් වීම - අධි රුධිර පීඩනය - හෘද ගැස්ම අසාමාන්‍ය වීම - අම්ලතාව / gastritis - කැෆේන්ට ඇබ්බැහි වීම වැනි ගැටලු ඇතිවිය හැකියි.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියෙකුට දිනකට කැෆේන් මිලිග්‍රෑම් 300–400 අතර ප්‍රමාණයක් ආරක්ෂිත ලෙස සැලකෙනවා.