අහස උසට ගිය පොල් වලට හෙට සිට කරන්න යන දේ මෙන්න..ඇමතිගෙන් දැනුම් දීමක්..
By Aruna
සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි.
රජය සතු වතුවලට අයත් පොල්, ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ.
You May Like This Video