වෙළඳපොලේ විෂ පිරුණු පොල්තෙල්?. හදිසියේම විශේෂ පැහැදිලි කිරීමක් මෙන්න..

Healthy Food Recipes Latest Headlines Decision Making
By krishani Oct 05, 2024 01:20 PM GMT
krishani

krishani

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගීකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි.

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..


මේ වන විට ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිවී තිබෙන සැකය පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ලංකාවට පොල් තෙල් ආනයන කිරීමේ දී රේගුවේ දී ආහාර පාලන ඒකකයේ ආහාර පරික්ෂකවරුන් විසින් විශේෂ පරික්ෂාවක් කරනවා.

රට තුළට ආනයන කරන RBD ඔයිල් සාමන්‍ය පොල්තෙල් විදිහට අලෙවි කිරීමේ හැකියාව තියෙනවා.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)


පොල්තෙල්වලට අදාළව 1980 අංක 26 දරණ ආහාර පනතට අදාළව සකස්කරලා තියෙන 1987 ප්‍රමිති නියෝගවලට අදාළ ප්‍රමිතියෙන් යුත්තනම් රට තුළ විකිණීමට කිසිදු නෛතිකමය බාධාවක් නැහැ.

ඒ වගේම ලංකාව තුළට පොල්තෙල් රැගෙන ඒමේදී ආහාර පාලය ඒකකයේ ආහාර පරික්ෂකවරුන් වගේම මේ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව අහඹු පරික්ෂණයක් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකරනවා.

ඒ වගේම රට තුළ වෙළෙඳසැල්වල පොල්තෙල් අලෙවි කිරීමේදී මේ පොල්තෙල් අහඹු සාම්පල ලබා ගැනීම සහ පරික්ෂා කිරීම් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදුකරනවා.

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)


ඇතැම් විට රට තුළ තිබෙන පොල්තෙල් දේශීය නිෂ්පාදන සහ විදේශීය නිෂ්පාදන දෙකේම අපි ඇතැම් අවස්ථාවල ඇෆ්ලටොක්සීන් හමුවෙන අවස්ථා තියෙනවා.

ඒ අවස්ථාවලදී අපි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. ඒ පොල්තෙල් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරනවා.

කෙසේ වෙතත් ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා රට තුළට පොල්තෙල් ආනයනය කරන්නේ. ඒ නිසා අනියත බියක් ඇති කර ගතයුතු නෑ.

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..


මේ ආනයනික පොල්තෙලුත් රටේ විකුණන් පුළුවන්. දැනට තියෙන ප්‍රමිතිවලට අදාළ පොල්තෙල් පමණයි රට තුළ විකිණිය හැක්කේ.

ඒ නිසා ඒ සම්බන්ධයෙන් මහජනතාව සහ පාරිභෝගිකයෝ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ."    

මේ අතර, සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කළේ, ආනයනය කළ විෂ සහිත තෙල් වර්ගයක් දේශීය පොල්තෙල් ලෙස හුවාදක්වමින් අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ය.

ReeCha