කාබනික වගා කරුවන්ට නොමිලේම ලැබුණු දේ (PHOTOS)

AMPARA COCONUT THARANI NIVARTHIKA BNDARA
By Sewvandhi Dec 31, 2021 12:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාබනික පොල් වගාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අම්පාරට අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් 50 කු සදහා පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි අනුග්‍රහය මත පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී 2021 දෙසැම්බර් මස 29 වන දින පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී තරනි නිවර්තිකාගේ විශේෂ ආරාධනයෙන් මෙම වැඩසටහන සදහා අම්පාර දිස්ත්‍රික් පොල්වගා කිරීමේ මණ්ඩලයෙහි සහකාර ප්‍රාදේශීය කලමනාකරු බණ්ඩාර මහතා සහ ගොවිපල සැලසුම් නිලධාරී හා මහඔය පොල්වගා සංවර්ධන නිලධාරී සුදේෂ් මහතා සම්පත් දායකයින් වශයෙන් සහභාගී ව්ය.

මෙම වැඩසටහන එදින දවස පුරා ප්‍රායෝගික සහ න්‍යායාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සහභාගි වූ රණවිරුවන් පනස් දෙනෙකු අතරේ බඳුන් පොල් පැළ සියයක් නොමිලේ බෙදා දීම ද මෙම වැඩසටහන අවසානයේ සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී,ආචාර්ය ඒ.වී. කේ මාධවී හේරත් මහත්මිය විසින් මේ සඳහා අවශ්‍ය කඩිනම් පහසුකම් සපයනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery