බාල බව තහවුරු වෙලා - ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ තුනක් ඉවතට..

Sri Lanka
By krishani Aug 25, 2023 02:45 PM GMT
krishani

krishani

Report

ලංකාවේ නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇත.

ඒ හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී තිබෙනවා.

කොඇමොක්සික්ලෙව් ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක් වේ.

එය ළමා රෝගවල දී පළමු පෙළ ඖෂධයක් ලෙස භාවිතා කරනු ලබයි.

මෙම ප්‍රතිජීවක ඖෂධය මීට පෙර අවස්ථාවක ද තත්ත්වයෙන් බාල ඖෂධක් බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ කළුතර ප්‍රදේශයේ සමාගමක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටින් මෙම ඖෂධය ගැන පර්යේෂණ වාර්තාවක් ද ඉල්ලා ඇති බව වාර්තා වේ.

ReeCha