ඉරිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වසා තැබෙන දෙයක් ගැන නිවේදනයක් නිකුත් කෙරේ..

Weather Colombo Kandy Kelani bridge road Kadugannawa road
By Aruna Nov 12, 2021 07:23 AM GMT
Aruna

Aruna

Report

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් වසා දැමෙන මාර්ග පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…

මේ අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව මාර්ගයට ඉහළ කොටසේ මීටර් 100 ක් පමණ දිගට පවතින පැල්මක් හේතුවෙන් එම භූමිය අස්ථායි තත්ත්වයට පත්ව තිබෙන බව ඊයේ (11) කළ නිරීක්ෂණවලදී අනාවරණය වූ බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පවසනවා.

පහළ කඩුගන්නාව පලතුරු වෙළඳසැල් පිහිටා තිබෙන 98 වන කිලෝමීටර් කණුව ස්ථානයේ සහ කඩුගන්නාව ගල විදින ලද ස්ථානයට ඉහළ ප්‍රදේශයේ පස්කණ්ඩි කඩා වැටී තිබුණා.

මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය හිඟුල ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව ගල විඳපු ස්ථානය දක්වා පෙරේදා (10) රාත්‍රි 10 සිට තාවකාලිකව වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අංශවලට දැනුම් දුන්නා.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් තත්ත්වය යථාවත් කරන තුරු මාර්ගය විවෘත නොකර සිටීම පිළිබදව ද ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව පහළ කඩුගන්නාවෙන් වසා දැමූ මහනුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

මාර්ගය වසා දැමීම නිසා සිදුවන අවහිරතා වළක්වා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සඳහා විකල්ප ලෙස,

• අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවර

• කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර

• මාවනැල්ල සිට රඹුක්කන – හතරලියැද්ද – ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.

• මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල – පේරාදෙණිය මහනුවර මහනුවර සිට කොළඹට ගමන් කරන රථවාහන සඳහා විකල්ප මාර්ග ලෙස,

• කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා

• කටුගස්තොට – ගලගෙදර – රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha