කොළඹ මුහුදේ විශාල පැළීම් - භූ කම්පන ගැන දැඩි අවධානයක් දෙන්න.

Sri Lanka Earthquake
By Wayomi Apr 04, 2023 08:20 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ බටහිර දෙසට වන්නට ඇති ගැඹුරු මුහුදු පතුලේ විශාල පැලීම් දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, එම පැලීම් බස්නාහිර පළාතට බලපාන භූ කම්පන අතර සම්බන්ධතාවක් තිබේද යන්න පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

එමෙන්ම පසුගියදා බේරුවල ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය පිළිබඳ සුළුවෙන් නොතකා ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර භූ කම්පනවලට බලපාන ප්‍රධාන හේතුව කුමක් ද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බව ද ඔහු පෙන්වා දෙනවා.

කොළඹ ආශ්‍රිතව භූ කම්පන මාන සවිකර ඒ ඔස්සේ ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරමින් භූ කම්පන සඳහා බලපාන ප්‍රධාන හේතු මොනවාද යන්න හඳුනා ගැනීමට හැකි බවද අවධාරණය කරනවා.

වර්ෂ 1615 සිට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල භූ කම්පන වාර්තා වී ඇතත් ඒවාට හේතුව කුමක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් මහාචාර්යවයා සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොළඹ බටහිර දෙසට වන්නට ඉදිරියේදීත් භූ කම්පන සිදුවිය හැකි බවත් අධික ජන ඝනත්වයක් පවතින කොළඹ ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් ඉන් සිදුවන හානිය අතිවිශාල විය හැකි බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW