පාසල්වලට යළිත් කළ දැනුම්දීම..
මේ දිනවල අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වේ.
ඒ හේතුවෙන් පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ය.
එලෙස දැනුම්දී තිබියදී අදත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ලැබුණේ ය.
මේ හේතුවෙන්, යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යොමුකර ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත්, ඉන් අවධාරණය කර ඇත්තේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බව ය.