මධ්‍යසාර සහ දුම්වැටි මිලදී ගත හැකි වයස් සීමාව වෙනස් කෙරේ..
By Sithumi
“මධ්‍යසාර සහ දුම්වැටි මිලදී ගත හැකි වයස් සීමාව අවුරුදු 24 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය නීති ලබන වසරේ දී හඳුන්වා දෙන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අන්තර්ජාලය ඔස්සේ දුම්වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය වැලැක්වීමේ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි. වසරකට වරක් දුම්වැටියක මිල ඉහළ නැංවීම සඳහා බදු සූත්‍රයක් හඳුන්වා දී තිබෙනවා
. ඒ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින්. එහි සභාපති කියා සිටියේ එය මේ වන විට අනුමැතිය සඳහා කැබිනට් මන්ඩලය වෙත යොමු කර කර ඇති බවයි.
මෙරට ආර්ථිකයට හානියක් සිදු නොවන පරිදි රට තුළ දුම්වැටි භාවිතය අවම කර ගැනීම සඳහා විධිමත් ක්‍රමයකට වාර්ෂිකව දුම්වැටියක මිල ඉහළ නැංවීම මෙම බදු සූත්‍රයේ අරමුණයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |