එක්කෝටි හැටලක්ෂයක දුම්වැටි තොගයකට නොසිතූ වෙලාවක සිදු වූ දේ..

Sri Lanka
By krishani Aug 27, 2022 04:38 AM GMT
krishani

krishani

Report

රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව දුම්වැටි එක්ලක්ෂ හැට දෙහසක් තිබී ඇති අතර එය ඔවුන් සතුව තිබූ ගමන් මළුවල සූක්ෂමව සඟවා රැගෙන විත් ඇත.

සැකකරුවන් කොළඹ - මාලිගාවත්ත, හලාවත සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර පසුව එක් මඟියෙකුට රුපියල් විසිපන්දහස බැගින් වූ දඩයක් නියම කළ රේගු නිලධාරීන් දුම්වැටි තොගය රාජසන්තක කෙරිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha