දේශබන්දු සොයා CIDය සාගලගේ ගෙදරට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නිවස බලා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.
ඒ සඳහා ඔවුන් සෝදිසි වරෙන්තුවක් ද ලබාගෙන ඇති බව සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර දේශබන්දු තෙන්නකෝන් සොයා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ මාතර පිහිටි මහගෙදර ද සෝදිසියට ලක්කර තිබිණි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළේ ය.