මට බනානා කේක් නම් දැන් අප්පිරියයි-ජනප්‍රිය සුරූපී නිලි චුලක්ෂි රණතුංග..(PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන මේ දිනවල කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සරාගී රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියලා කියන්නේ. කොහොම නමුත් ඇය ගැන පහුගිය දිනවල අපේ රටේ වැඩිපුරම කතා බහට ලක්වුනේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් වන ගිණිමල් පොකුරු සිනපටයේ ඇය රංගනයෙන් දායක වන චරිතය නිසයි.
ඉතින් ඒ වගේම ඇය මුලින්ම රංගනයට පිවිසෙන්නේ නිරුපන ශිල්පිනියක් විදිහට. ඉතින් ඇයව දැන් නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩිය පේන්න නැති වුනාට ඇය නිරූපනයෙන් සමුගෙන නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට නිරූපනයට ආරාධනයක් ලැබුනොත්, හොඳයි කියලා හිතෙන එකකට ඇය සහභාගී වෙනවාලු.
ඉතින් ඒ වගේම ඇය කැමති සිනමා නිළියක් වෙන්නලු. හැබැයි එහෙමයි කියලා ටෙලිනාට්‍ය වලට අකමැති නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ආරාධනාවක් ලැබුනොත් පිටපත කියවලා හොඳයි කියලා හිතුනොත් ඇය එය බාරගන්නවාලු. හැබැයි ඇය එම නිර්මාණයේ කොටස් ගණන පිලිබඳ ගොඩක් සැලකිලිමත් වෙනවාලු.
ඉතින් ඒ වගේම ඇය ආසම නැහැලු බනානා කේක් කන්න. බනානා කේක් විතරක් නෙවෙයි ඇය කිසිම කේක් වර්ගයක් කන්න වැඩිය කැමති නැහැ කියලයි ඇය කියන්නේ. ඉස්සර හොස්ටල් එකේ ඉන්න කළා ඔවුන්ට නීතියක් තිබ්බාලු කෑම කන්න පුළුවන් කෑම කාමරේ විතරයි කියලා.
වෙන තැන්වල කාලා තිබ්බොත් ඔවුන්ට දඩුවම් කරනවාලු. ඉතින් දවසක් වෙන තැනක කෑම කාලා, එහෙම කාපු අයගේ ලිස්ට් එකක් ඔවුන්ව බලාගන්න කෙනා ලඟට ගිහින්ලු. ඉතින් ඔවුන්ට කිවුවාලු හොරෙන් කාපු අය නැගිටින්න කියලා. ඉතින් කරන්න දෙයක් නැති නිසා ඔවුන් නැගිට්ටාලු.
නැත්තන් ඩබල් පනිෂ්මන්ට් ලැබෙනවාලු. ඉතින් එහෙම නැගිට්ටම තමයිලු දැනගත්තේ ඒ ලිස්ට් එකේ ඔවුන්ගේ නම් නෑ කියලා. ඉතින් නැගිට්ට නිසා ඔවුන්ට දඩුවම් කළාලු. ඉතින් ඒ ටී ටයිම් එකට ඔක්කොම කන්න කියලා ඇයගේ ගෙදරින් එවලා තිබුන ලොකුම ලොකු ෆෘට් කේක් එක ඇයට තනියම කන්න වුනාලු. ඉතින් එදායින් පස්සේ ඇයට කේක් අප්පිරියා වුණා කියලයි ඇය කියන්නේ.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |