දළදා මාලිගාව අසල ඩ්‍රෝන යවන්න සැරසුණු චීන ජාතිකයන්ට දෙදෙනාට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By Wayomi May 09, 2023 12:29 PM GMT
Wayomi

Wayomi

Report

දළදා මාලිගාව අසල ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙක් පොලිස් භාරයට දළදා මාලිගාව අසල ඩ්‍රෝන යවන්න සැරසුණු චීන ජාතිකයන්ට දෙදෙනාට සිදු වූ දේ.

මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු ඊයේ(08) පොලිස් භාරයට ගැනුණා.

ඒ, අදාළ චීන ජාතිකයින් දෙදෙනා ඩ්‍රෝන යානය ගුවන්ගත කිරීමට උත්සහ කරන බවට පොලිසියට ඇතිවූ සැකයක් මතයි.

කෙසේ වෙතත් පසුව අවවාද කර ඔවුන්ව මුදාහැර තිබෙනවා.

අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට ද පොලිසිය පියවර ගත් අතර ඒ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නෙගැනීමට පොලීසිය තීරණය කර ඇත.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW