චීන කෙල්ලෙක් වගේ ලස්සන වෙන්න හැමෝම හොයපු රහස් මෙන්න

Report

ලස්සන කියන්නේ ඉතින් අපි කවුරුත් ආස දෙයක්නේ. ඒ නිසාම ලස්සන වෙන්න කියලා හිතන් නොකරන දෙයකුත් නෑ. ඒ අතරිනුත් අද වෙන කොට ගොඩක් දෙනාගේ අවධානය යොමු වෙන්නේ ලප කැළැල් නොමැති පැහැපත් නිරෝගී සමකට.

විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශවය ඒ වෙනුවෙන් විවිධ දේවල් අත් හදා බලනවා.

ඔන්න ඉතින් අද කියන්න යන්නේ ලස්සන වෙන්න උත්සාහ කරන ඔයාට චීන කාන්තාවන් කරන ඔවුන්ගේ සුන්දරත්වයේ රහස් ටිකක්.

චීන කෙල්ලෙක් වගේ ලස්සන වෙන්න හැමෝම හොයපු රහස් මෙන්න | Chinese Beauty Secrets For Glowing Skin

සම නිසි ලෙස සැකසීමට හාල් වතුර

පොලිෂ් නොකරපු සහල් ටිකක් වතුර කිරිපැහැ වෙනතුරු පෙගෙන්න හරින්න. දැන් පිරිසුදු කපු පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න. මෙය ටෝනර් එකක් විදිහට තමයි ඔවුන් භාවිතා කරන්නේ.

චීන කෙල්ලෙක් වගේ ලස්සන වෙන්න හැමෝම හොයපු රහස් මෙන්න | Chinese Beauty Secrets For Glowing Skin

සමේ සහ හිස කෙස්වල නිරෝගී බව සඳහා කැමිලියා ඔයිල් භාවිතය

කැමිලියා ඔයිල් චීන කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය තෙල් වර්ගයක්. හිස කෙස්වල වර්ධනය වැඩි කිරීමට වගේම කන්ඩිෂනර් එකක් විදිහටත් ක්‍රියාකිරීමට මෙම තෙල් වර්ගය සමත් වෙනවා. ඒ වගේම සමේ කැළැල් වගේම ස්ට්‍රෙච් මාක් ඉවත් කරන්නත් මේ තෙල් වර්ගය ඉතාමත්ම සුදුසුයි.

කුරුලෑවලට මුන් බීජ

වසර දහස් ගණනක සිට චීන රූමතියන් ෆේස් මාස්ක් සාදා ගැනීමට මුන් ඇට යොදාගන්නවා කියලා දන්නවද? ඔවුන් මුන් ඇට වතුර සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරනවා. ආලේපයෙන් පසු මිනිත්තු තිහකින් පමණ සෝදා හැරීම ප්‍රමාණවත්.

තරුණ බවට ග්‍රීන් ටී

ග්‍රීන් ටී කියන්නෙත් තවත් විශ්මිත රුපලාවන්‍ය රහසක්. ග්‍රීන් ටීවලින් සමේ පැහැය වර්ධනය කරලා සම නිරෝගී කරනවා. සමේ ඇති කැළැල් සුවපත් කිරිමටත්, විෂ ඉවත් කිරීමටත්, සමේ ඇදෙන සුළුබව වැඩි කිරීමටත් ග්‍රීන් ටීවලට තියෙන්නේ පුදුම හැකියාවක්.

චීන කෙල්ලෙක් වගේ ලස්සන වෙන්න හැමෝම හොයපු රහස් මෙන්න | Chinese Beauty Secrets For Glowing Skin

මින්ට් පත්‍ර

නැවුම් මින්ට් කොළ හොඳින් අඹරා මුහුණේ ආලේප කරන්න. මෙය සම පැහැපත් කිරීමට සමත් වෙනවා. එපමණක් නෙවෙයි. සමේ සෑම කොටසක්ම ඒකාකාරී විදිහට පැහැපත්ව තබා ගැනීමටත් එය සමත් වෙනවා.

මුහුණ සම්භානය

මුහුණ සම්භාහනය චීන කාන්තාවන් අතර සාමාන්‍ය දෙයක්. එමඟින් මුහුණේ ස්ථුලතාවය, සම එල්ලා වැටීම ඇති වෙන්නේ නැහැ.

සමේ පැහැය ඒකාකාරිව පවත්වා ගැනීමට කහ

අතීත චීන කාන්තාවන් සමේ ඒකාකාරී පැහැපත් බව රඳවා ගැනීමට ෆේස් මාස්ක් එකක් විදියට කහ භාවිතා කරලා තියෙනවා. ඉතින් ලස්සන වෙන්න කියලා මිල මුදල් වියදම් කරන ගමන් කෘතිම දේවල් අත් හදා බලන අතරේ මේ වගේ ස්භාවික දේකිනුත් ඔබේ රුවේ සුන්දරත්වය වැඩි දියුණු කර ගන්න පුළුවන් කියලා අමතක කරන්න එපා.  

චීන කෙල්ලෙක් වගේ ලස්සන වෙන්න හැමෝම හොයපු රහස් මෙන්න | Chinese Beauty Secrets For Glowing Skin

බඳින්න බෑ කියනවද? ඒ මේ නිසා..ඔබටත් මේ ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න

බඳින්න බෑ කියනවද? ඒ මේ නිසා..ඔබටත් මේ ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න