සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සංචාරයක් සඳහා අද අමෙරිකාවට
සෞදි අරාබියේ ඔටුන්නට උරුමකම් කියන මොහොමඩ් බින් සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා අද (18) අමෙරිකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔහු ධවල මන්දිරයේදී ඕවල් කාර්යාලයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබේ.
මෙම සංචාරයේ සුවිශේෂීත්වය වන්නේ සල්මාන් කුමරු අමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ වසර 7කට පසුව වීම විමයි.
මෙම සංචාරයේ අරමුණු වන්නේ
- අමෙරිකාව සහ සෞදි අරාබිය අතර, බොරතෙල් ඇතුළු ඉන්ධන පිළිබඳව පවතින සබඳතා අලුත් කර ගැනීම
- කලාපයේ ආරක්ෂාව පිලිබඳ සාකච්ඡා කිරීම
- දෙරට අතර තාක්ෂණය සහ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සබදතා පුළුල් කරගැනීම
යන ආදියයි.
තවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය මැයි මාසයේදී සෞදි අරාබියේ නිල සංචාරයක නිරත විය.
එහිදී අමෙරිකානු ආර්ථිකය තුළ ඩොලර් බිලියන 600ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට ඔටුන්න හිමි සල්මාන් කුමරු පොරොන්දු වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
ඒ වගේම අමෙරිකාව සෞදි රජයට එෆ්-තර්ටි-ෆයිව් (F35) ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීමටද සූදානම් වේ.
ලොව විශාලම ශාලතම ආර්ථිකයට අමෙරිකාව හිමිකම් කියයි.
ඒ වගේම ලෝකයේ විශාලතම බොරතෙල් නිෂ්පාදකයා ලෙස හදුන්වන්නේ සෞදි අරාබියයි.
මෙම සංචාරය සිදුවන්නේ, අමෙරිකාව සහ සෞදි අරාබිය අතර සබදතා අඩුව තිබූ කාල වකවානුවකයි.
ඒ වගේම 2018 වසරේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී, ජමාල් කෂෝගි නම් තරුණයා සෞදි අරාබිය දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකු විය.
ඔහුව සෞදි අරාබියට සම්බන්ධ කණ්ඩයමක් විසින් ඝාතනය කර තිබේ.
අමෙරිකානු බුද්ධි අංශ පසුව අනාවරණය කළේ මෙම ඝාතනය ඔටුන්න හිමි කුමරුගේ අනුදැනුම සහ ඔහු දුන් නියෝගයක් මත සිදුවූවක් බවයි.
නමුත් එම චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර තිබේ