තවත් රටවල් දෙකකින් චීන සංචාරකයින්ට සීමා..

COVID-19 Christian Heritage Party of Canada Australia China Ship In Sri Lanka
By Sithumi Jan 01, 2023 05:26 PM GMT
Sithumi

Sithumi

Report

 චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට සීමා පනවන රටවල් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. ඒ, චීනයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාම හමුවේයි.  

ඒ අනුව චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා සීමා පැනවීමක් සිදු නොකරන බවට ප්‍රකාශ කළ ඇතැම් රටවල් පවා මේවනවිට චීනයෙන් එන සංචාරකයින්ට සීමා පැනවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කර තිබෙනවා. පවතින තත්ත්වය අනුව චීන සංචාරකයින් සඳහා සීමා පැනවූ රටවල් අතරට අළුතින් ඕස්ට්‍රේලියාව සහ කැනඩාව එක් වුණා.  

ඒ අනුව චීනයෙන් සහ කැනඩාවෙන් පැමිණෙන ගුවන් මගීන් කොවිඩ් පරීක්ෂණයකින් ගනු ලැබූ වාර්තාවකින් තමන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කළ යුතු වනවා.

   ඕස්ට්‍රේලියාව සහ කැනඩාව පවසා ඇත්තේ චීනයට අමතරව හොංකොං හා මැකාවෝ රාජ්‍යයෙන් පැමිණෙන සංචාරකයින්  සඳහා ද එම සීමා වලංගු බවයි. කෙසේවෙතත් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ චීනයේ ප්‍රධාන නගරවල රෝහල් ආසාදිතයින්ගෙන් පිරී පවතින අතර අවමංගල්‍ය ශාලා සහ ආදාහනාගාර මළ සිරුරුවලින් පිරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now