චීනය ලංකාව ගැන ගත් දැඩි තීරණය..?

CHINA FERTILIZER HIPPO SPIRIT CAPTAIN NIRMAL DE SILVA
By Sewvandhi Nov 08, 2021 03:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ. තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් එම සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බව සඳහන් විය.

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් "HIPPO SPIRIT" නැමති නෞකාව මේ වනවිට කළුතර - බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි.

Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කර ඇත. හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ නෞකාව කොළඹ වරායට පැමිණෙන බවක් තමාට දැනුම් දී නොමැති බවය.

අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා නෞකාවට කොළඹ වරායට සේන්දු විය හැකි නමුත් එම අහිතකර කාබනික පොහොර තොග වරායට ගොඩබෑමට ඉඩක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha