අහන අහන එක Made in china කිව්වට කවුද හිතුවේ මෙච්චර දෙයක් - චීනෙන් පිස්සු හැදෙන ආරංචියක්
2025 වසර තුළ චීනය නව නිපැයුම් සඳහා වූ පේටන්ට් බලපත්‍ර මිලියන 5.32ක් ලබාගෙන ඇති බව එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය ප්‍රකාශ කරයි.
ඒ අනුව 2025 වසරේදී නව නිපැයුම් බලපත්‍ර 972, 000ක් අනුමත කර තිබෙන අතර, පේටන්ට් බලපත්‍ර අයඳුම්පත් සැකසීමේ කාලය මාස 15 දක්වා අඩු කර ඇති බව සඳහන්.
එසේම ඉකුත් වසරේදී ඉහළ වටිනාකමක් ඇති නව නිපැයුම් බලපත්‍රවල සාමාන්‍ය හිමිකාරිත්වය පුද්ගලයින් 10,000කට පේට්න්ට් බලපත්‍ර 16ක් වශයෙන් දැක්වෙන බවද වාර්තා වේ.
මේ අතර ලොව ඉහළම ගෝලීය වෙළෙඳ නාම 5,000 අතර චීනයේ වෙළඳ නාම වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.81ක් වේ.
එය ගෝලීය ලෙස දෙවන ස්ථානයේ පසුවන බවයි එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය සඳහන් කරන්නේ.