මාලිමාවේ නියෝජ්‍ය පුරපතිට පිංකම් ගෙදරකදී හොඳටම නෙලලා - ගහපු අය හොයන්න පොලිස් කණ්ඩායමක්
මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය (ජාතික ජන බලවේගය) මහතාට සුදුහුම්පොල ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදී ඇති බවට මහනුවර පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.
අනුව පොලීසිය පැවසුවේ සුදුහුම්පොල ප්‍රදේශයේ පිංකම් ගෙදරකට ගිය අවස්ථාවක ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව නියෝජ්‍ය පුරපතිවරයාට පිරිසක් පහරදී ඇති බවයි.
එමෙන්ම සිද්ධිය පිළිබඳව නියෝජ්‍ය පුරපතිවරයා මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.
එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය පුරපති වරයාට පහර දුන් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් පැවසුවා.