පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම් කළාට සජිත් කට අරි
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරන බව ද ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
එසේම දණ්ඩනයට පෙර කරුණු විමසීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විපක්ෂ නායකවරයා විසින් මෙහිදී මතුකර තිබෙනවා.
ඔහු අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ කටයුතු නොකිරීම හරහා පෞද්ගලික පළිගැනීමක් පිළිබඳව සැකයක් මතු වීම සාමාන්‍ය ස්වභාවය බවත් එවැනි කටයුතු සිදුකිරීම භයානක බවත් ය.