පොලිසියෙන් සුපිරි වැඩක් - මෙන්න මිනිස්සු
හැටන් නගරයෙ සැරිසරන යාචකයකන්ව හැටන් පොලිසියේ නිළධාරින් විසින් (25) දින අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කර ඇත.
හැටන් ප්‍රජා පොලිස් ඒකකය හැටන් දික්ඔය ලෙදන්ටි ප්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධ දුප්පතාගේ හිතවතා සංවිධානයේ තරුණ කැල සමග එක්ව කොන්ඩය සහ රැවුල කපා උණුවතුරෙන් නාවා අලුත් ඇදුම් පැළදුම් ලබා දී ඔවුන්ට දිවා ආහාරයද ලබා දී ඇත.
හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩි.සුගතදාස මහතා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුන්දර් රාජ් යන මහතුන් විසින් මෙම සත්කාරය සිදු කරනු ලැබූහ.
හැටන් නගරයේ සැරිසරන අයිතිකරුවන් සිටින යාචකයන්ව අධිකරණය හරහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට පියවර ගන්නා බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.