“බ්‍රික්ස් සන්ධානයක් - සටනක් නොවෙයි” චීනය කියයි

China BRICS summit Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 08, 2025 06:30 AM GMT
Shehan

Shehan

Report

බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහිව ක්‍රියා කිරීමක් නොමැති බවත්, එය විවෘතභාවය, සහභාගීත්වය සහ සහයෝගීතාවය ඔස්සේ පොදු ජයග්‍රහණයක් කරා යොමු වන බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශිකා, මාඕ නිං මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.

බ්‍රික්ස් රටවල් අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා විවේචනය කළ අතර, ඒ සමඟම බ්‍රික්ස් රටවලට එරෙහිව 10%ක නව තීරුබදු පැනවීමට තර්ජනය කර තිබුණි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අවධාරණය කළේ, බ්‍රික්ස් යාන්ත්‍රණය නැගී එන වෙළෙඳපොළ රටවල් සහ සංවර්ධනය වන රටවල් සඳහා සහයෝගීතාව පිළිබඳ වැදගත් වේදිකාවක් වන අතර, එහි කිසිදු රටකට එරෙහි ක්‍රියාමාර්ගයක් නොමැති බවය.

වෙළෙඳ ආරවුල් හා තීරුබදු ගැටුම්වලින් ජයග්‍රාහකයන් බිහි නොවන අතර, ආරක්ෂණවාදයද සාර්ථක නොවන බව ඇය පෙන්වා දුන්නාය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

ReeCha